Posts

අත්භූත පළි ගැනීම

Image
අද මම ඔබව අරගෙන යන්නේ 1960 අවුරුද්ද වෙතයි,

ස්ථානය - මහඋලුකන්ද වලව්ව
සිද්ධිය - යම් රහස් කටයුත්තක්

අප්පුවෝ ගමනක් යන්න ලෑස්ති වෙයං මේ දැන්මම.
ඒ කොහාටද හාමු මහත්තයො?
උබට යන තැනින් වැඩක් නෑනෙ ,, උබ ගිහින් ඉක්මනින් සේතුංවත් එක්කගෙන වරෙන් .මේ හවස්කොරේ ඌ අර මාටියගෙ රා ගුබ්බෑයමට වැදිල ඇත්තෙ, දැන්ම පලයං.
        සේතු අයියේ , හාමු මහත්තය අපිට ගමනක් යන්න කතා කොල.
  මේ තකහනියෙම කොහාට  යන්නද මලයෝ,
මම දන්නෙත් නෑ බං අයියෙ, රාලයත් ඇවිල්ල හිටිය , දුර ගමනක් යන්න වෙන්නැ. නැත්නම් ඉතිං හාමු මහත්තයම වාහනේ අරගෙන යනව නොවැ.
    ඒකත් ඇත්ත,,උබ පලයං, මම වෙන සරම් කඩමාල්ලක් දාගෙන එන්නංකො.
තව වෙලා ගියොත් එහෙම රාලහාමිගෙන් විසුමක් වෙන්නෑ ඕං.
  හරි හරි මම එන්නං , උබ පලයන්කො.
    හාමු මහත්තයෝ, මේ අප්පු මලය අතේ මට පණිවිඩයක් එවල තිබුණෙ. ඒකයි මම මේ තකහනියෙම ආවෙ.

  හා. හා. උබ වෙලාවට ආපු එකත් මදෑ
         සේතුවෝ මේ අප්පුවවත් අල්ලගෙන ඔන්න ඔය පොල් මල්ල වාහනේ පිටිපස්සට දැම්මනං..
  හොඳමයි හාමු මහත්තයො.

        දැන් පැය ගානක් තිස්සෙම යනව , හැබෑටම අපි කොහාටද යන්නෙ හාමු මහත්තයෝ..                        
         අප්පුවෝ උබටත් ඕන …

කොලුවා කෙට්ටු ,, බොනව සුරුට්ටු

Image
කොලු⁣වා    කෙට්ටු
බොනව     සුරුට්ටු
කරනව         මට්ටු
දාමුද               ඔට්ටු

කොලුවෝ කෙට්ටු
බොන්න    සුරුට්ටු
තියලා        මොට්ටු
හිනෙහෙයි    රට්ටු

බොනව    සුරුට්ටු
වෙනවා     කෙට්ටු
කිවුවට          රට්ටු
වෙන්නෑ       මාට්ටු

නොබී        සුරුට්ටු
කාපිය            පිට්ටු
නැතිවෙයි  කෙට්ටු
දාමුද               ඔට්ටු

කොලුවා    කෙට්ටු
නොබී        සුරුට්ටු
කනවා           පිට්ටු
දිනුවා            ඔට්ටු

අට වසර සහ ලව් ඉලව්

Image
මගෙ වැඩත් එක්ක දැං මගෙ බ්ලොග් කට්ටත් පාලුවීගෙන එන්නෙ.ලියන්න දේවල් නම් ඕන තරම් තියෙනව , ඒ ඒව ලියාගන්න වෙලාවක් නෑ... ඩ්‍රැකිය යාං හෑල්ලෙ ලින්කුව දුන්නට පස්සෙ ඒකෙ තිබුන කතාවක් බලල මටත් මගෙ පාසල් කාලෙ වෙච්ච අලකලංචියක් ලියන්න හිතුන..කතා නම් ගොඩක් තියෙනව ඒත් මම තාම පාසලෙන් අස්වීමවත් ගත්තෙ නැති පොඩිම පොඩි කොල්ලෙක් නිසා එව්ව දැම්මම ලියන්න හොඳ නෑ.
        මට මතක විදිහට මම ඒ දවස්වල අට වසරෙ.. කොහොම උනත් මම ඔය ලව් සීන්, තක්කඩිකම් වලට නැති හතර පෝයටම සිල් ගන්න බොහොම අහිංසක කොලුවෙක්. ඒත් ඉතින් පංතියෙ යමක් සිද්දවෙනවනම් මමත් ඉතින් පොඩ්ඩක් හොම්බ දානව..
  අපේ පන්තියෙ කොල්ලෙක් හිටිය නිමන්ත කියල. ඒ කාලෙ මිනිහ විතරයි අපේ පන්තියෙන් කෙල්ලෙක්ව දාගත්ත එකම ඩෑල් එක. පොල්තෙල් බෝතලයක් විතර ඔලුවෙ වක්කරගෙන , සෙන්ට් කුප්පියක් නාල පොර එක විදිහක්. මිනිහ ඒ කාලෙ කමිසෙ ඇන්දෙත් අපි වගේ නෙවෙයි, බොත්තම් හතරක්වත් ඇරල පපුව පේන්න..
      උගෙ කෙල්ලගෙ නම රෝෂිණී .ඒකි අපිට වඩා අවුරුද්දක් බාලයි..ලව් එක නිසා ඒකි පට්ටම ගණන් උස්සල හිටියෙ , අපිට ඒකිව පේන්නන්න බෑ., ඒකි අපේ මූණක්වත් බැලුවෙ නෑ.. අපේ පන්තියෙ එවුන් ඒකිට දඟරලතා කියල නමකුත් ද…

එදා රෑ ((කෙටිකතතාව))

Image
එ් එක්තරා නිවාඩු දිනයකි.නිවසට වී සිටීමෙන් ඇතිවූ කම්මැලිකම මකා ගැනීමට මම පාරේ ඇවිදීමට යාමට සිතුවෙමි.. ඒ වන විට රාත්‍රි දොළහ පමණ වූ අතර බයිසිකලයද කැඩී ඇති නිසා මම පයින් ගමන් කලෙමි..ගමන් ගන්නා අතරතුර පන්සල අසල වෑන් රථයක් නවතා තිබෙනු මම දුටුවෙමි. එය ගණනකට නොගෙන මා පාර දිගේ ඉදිරියටම පිය නැගුවෙමි..
          එකවරම මා සලිත වූයේ කලු ඇඳුම් ඇඳ අවිගත් කිහිපදෙනෙකු පන්සල් වත්ත තුළ සිටිනු දැකීමෙනි. මේ රාත්‍රියේ මොවුන් පන්සලේ කුමක් කරනවාද ..
 මම වහාම පන්සල ඉදිරිපිට තිබූ කොට තාප්ප කැබැල්ලට මුවා උනෙමි.
          මොවුන් පන්සලේ පින්කැටය කැඩීමට සැරසෙන බව මම දුටුවෙමි , ඒ සමගම යමෙක් ඔවුන්ට උපදෙස් දෙයි...

ඉක්මන් කරහල්ල
කවුරුහරි ආවොත් ඔක්කොම ඉවරයි...

ඒ නම් හොඳින්ම හුරු පුරුදු කටහඩකි.. පියරත්න උපාසකමහතා..  සත්තකින්ම මේ ඔහුමය...

වසර කීපයක සිට පන්සලේ කටයුතු වල මූලික තැනක් ගන්නා පුද්ගලයා වන්නේ මොහුය.. සද්ධාවන්ත , කවුරුත් ගරු කරන, මෙම පුද්ගලයා මෙවැනි දෙයක් කරාවිද?

කවුද ඔතන ඉන්නෙ, පියරත්න මහත්තයා මොනවද වෙන්නෙ...  එසේ අසමින් රාහුල හාමුදුරුවන් එම ස්ථානයට පිය නගනු මම දුටුවෙමි..
    සමහර විට උන්වහන්සේ බුදු  කුටියේ දො…

මහාභාරතය 1 ( භීෂ්මගේ උපත සහ යුගයක ආරම්භය )

Image
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න      මම අද ඉදල ලියන්න යන දීර්ඝ ලිපි මාලාවක පළවෙනි ලිපිය විදිහට මේ ලිපිය හදුන්වන්න පුලුවන් . මේ කතාව මම ලියන්නෙ කතාවක කෙලින්ම පරිවර්තනයක් විදිහට නෙවෙයි , ඒක නිසා ලියපුව ටිකක් විතර කියවන්න එපා වෙන්නත් පුලුවන්.
     එහෙනම් අපි මුලින්ම මහාභාරතය කියන්නෙ මොකක්ද කියල දැනගනිමු. මහාභාරතය කියන්නෙ අතීත භාරතයෙ, එහෙමත් නැත්නම් ඉපැරැණි ඉන්දියාවෙ ,  කුරු කියන රාඡ්‍යය අලලා සකස්කරන ලද ඉතාමත් පැරණි වීර කාව්‍යයක්. ක්‍රිස්තුවර්ෂ 8 -14  වන සියවස් අතර කාලයකදී කුරු රාඡ්‍යයත් පංචාල රාඡ්‍යයත් අතර ඇතිවූ සත්‍ය යුද්ධයක තොරතුරු අලලා එයට අත⁣ිශෝක්ති එකතු කරමින් සකස් කරන ලද මෙම කාව්‍ය භාරතීය ඉතිහාසයේ විශාලම වගේම ශේෂ්ඨතම කාව්‍යය විදිහට සලකනව.වචන මිලියන 1.8 ක් පමණ තියෙන මෙම කාව්‍යයේ කවි පද ලක්ෂයක් පමණ ඇතුලත් වෙනව. මේ මහා කාව්‍යයේ රචකයා ගැන කතාකරනකොට නම් ඒ සම්බන්ධව ගැටලු ඡාලයක් පැණ නගිනව.
ඉන්දියානුවන් වැඩිපුරම විශ්වාස කරන කරුණ තමයි ව්‍යාස කියන මහ ඝෘෂි තුමන් විසින් පවසන ලදුව ගණ දෙවියන් විසින් තම ද…

එකමත් එක කතා තුනක්

Image
පියල් බත් එක කන්න පුතා, අද ක්ලාස් එකට යන්න පරක්කු වෙනව නේද?

හරි අම්මේ මම තව චුට්ටෙන් එන්නං , මම මේ යාලුවෙක් එක්ක කෝල් එකක්.

කොයි වෙලාවෙ බැලුවත් කෝල් කෝල් , ඇත්තටම ඉගෙනගන්න කියල අාසාවක් ඇත්තෙම නැද්ද ළමයෝ .

-------------------------------------------------------------------

       ප්‍රියන්ති , තමුසෙට පිස්සුද ඕයි අහක යන බල්ලන්ට අපේ ගෙට අඩගහන්න.
ආයි ඔය අබ්බගාත හිඟන්න,අරක මේක නෑ කියාගෙන අපේ ගෙදට්ට පස් පාගන්න ආවොත් මම ඕකට පයින් පාරක් ගහල පන්නන්නෙ.
     නෑ සිරී ඒ මනුස්සය නැති බැරි කමට ආවම මට එළවන්න හිතුනෙ නෑ
  අනේ,තමුසෙගෙ අනුකම්පාව  , ආයි මම නොකිව්වයි කියන්න එපා, උදේ පාන්දර  මගෙ යකා නගිනව.

--------------------------------------------------------------------

අප්පචි මොකද දුකෙන්,

නෑ දෝණි එහෙම ප්‍රශ්නයක් නෑ.
අප්පචි  මට මගෙ අම්මව මතක්වෙනව, එයා හිටියනම් අපිට මෙහෙම වෙන්නෑනෙ...
    අම්ම නෑ කියල මම උබට අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නෑ මගෙ දුවේ උබ දුක් වෙන්න එපා.
 මයෙ දෝණි දැන් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න  , මම  අද ඉඳන් අලුත් රස්සාවක් පටන්ගන්නව.කකුළ නෑ කියල හැමදාම මිනිස්සුන්ට අතපාන්නත්  බෑනෙ..

----------…

වතුර මැද්දෙ කතන්දර

Image
මේ පාර ගං වතුර ගොඩක් සැර⁣ටම ආව කියල ඔයාල හැමෝම දන්නවනෙ.ඉතින් මේ ගංවතුර කාලෙ අපේ ගමේ ඒ වගේම අහලපහළ පැතිවල සිද්දවුන රස කතා ටිකක් ලියන්න තමා මම කල්පනා කලෙ. රස කතා කිවුවට මේව දුක හිතෙන කතා , ඒ වගේම මේ කතා සම්පූර්ණයෙන්ම ඇත්ත , ඒත් ඉතින් මම ඒවට මිරිස් තුනපහ ටිකකුත් කලවම් කලා..
      පළවෙනි සිද්ධිය සිද්ධ වුනෙ අපේ ගෙවල්පැත්තෙ ඉන්න මාම කෙනෙක්ට.. ඩ්‍රයිවින් ඡොබ් එකක් කරන එයා, හොඳට කන නැතත් බොන මිනිහෙක් කියල හැමෝම දන්නව.මේ සිද්ධිය වෙච්ච දවසෙ එයා බීලද නැද්ද කියලනම් මට හොයාගන්න බැරි වුන.. ඒත් අනිවා බීල ඉන්න ඇති. ඉතින් එයා වැඩට ගිහින් ඇවිල්ල රෑ වෙල සැපට නිදාගෙන.. වැස්ස , ගං වතුර එයාට අදාළ දේවල් නෙවේ , මොකද මෙච්චර කාලෙකට කවදාවත් එයාල ඉන්න හරියට ගංවතුර දාල නෑ.. ආ.. කියන්නත් අමතක වුන , එයා තනිකඩයක් තනියෙම තමා වාසෙ. ඉතින් වෙනද වගේම එයා උදේ හයට නැගිටල තියෙන්නෙ වැඩට යන්න කියල හිතාගෙන.. නිදි මරගාතෙ ඇදෙන් බිමට බැහැපු එයා ඡබොස් ගාල ඇදේ මෙට්ටෙ ගාවටම ඇවිල්ල තිබුන ගං වතුරට වැටිල.. වැටිලත් විනාඩි පහක් විතර ගියාට පස්සෙ තමා එයාට මීටර්වෙලා තියෙන්නෙ ගෙට වතුර දාල නේද කියල.
    දෙවනි සීන් එකත් අපේ හරියෙම නැතත් අපේ…