Wednesday, October 26, 2016

ශාපලත් භාණ්ඩ 1 (ඇනබෙල් )

   
ඔන්න  ශාපලත් භාණ්ඩ පළවෙනි පෝස්ට් එක. ඉස්සරහට  අනිවාර්යයෙන් තව දානව.ඇනබෙල් කියන සෙල්ලම් බඩුව අපිට දකින්න ලැබෙන්නෙ conjuring චිත්‍රපට වලින් වගේම අලුතින් ආපු ඇනබෙල් චිත්‍රපටයෙන්,, ඒ කතාවෙ විදිහට යක්ෂ ආත්මයක් අරක්ගත්ත මෙම සෙල්ලම් බඩුවට ඡීවිත හානි පවා සිදුකරන්න පුළුවන් .ඒ කතාවෙ එන ඇනබෙල් ඉතාමත් දරුණු පෙනුමක් ඇති පොසිලේන් බෝනික්කෙක්. නමුත් ඇත්තම ඇනබෙල් කතාව මීට ගොඩක් වෙනස් හැබැයි ඒකත් එච්චර සුන්දර සීන් එකක් නෙවෙ ,,  භයානක සත්‍ය සිදුවීමක්,ඒ වගේම සත්‍ය බෝනික්ක ඉතාමත් ලස්සන රෙදි බෝනික්කෙක්.

  1970 අවුරුද්දෙදි ඩෝනා කියන ""ගෑනු ලමයට ""ළමයෙක් කිවුවට මෙයා ටිකක් ලොකු කෙනෙක ් ,, වයස 28 වෙන හෙද සිසුවියක් වන මෙයාට ඇගේ අම්ම විසින් සෙල්ලම් බඩු සාප්පුවකින් ලස්සන බොනික්කෙක් ගෙනල්ල දෙනව. ලස්සන පෙනුමක් තියෙන මේ බෝනික්කට ඇය ගොඩාක් කැමති වෙනව. ඇය සහ ඇගේ මිතුරිය වන ඇන්ඡිට ටික කාලයක් යනකොට තේරෙනව අනිත් බෝනික්කන්ට වඩා මේ බෝනික්කගෙ වෙනසක් තියෙන බව.ඒගොල්ලන් නැති වෙලාවෙ මේ බෝනික්ක නිවාස සංකීර්ණයේ එහාට මෙහාට චලනය වෙලා තියෙන බවත් එක එක ඉරියව් වලින් වාඩි වෙලා ඉන්න බවත් මේ දෙදෙනා දකිනව .දවසක් මේ දෙන්න දකිනව help  me කියල ලියපු හම් කොළයක් කාමරේ තියෙනව.නමුත් කවදාවත් ඔවුන්  හම් වලින් සකසන කඩදාසි භාවිතා කරන්නෙ නෑ. එදා ඉඳල මේ බෝනික්ක කොළ කෑලි වල කුරුටුගාල මේ ගෑණු ළමයි වෙත පණිවිඩ එවනව.  නිතරම මේ පණිවිඩ වලින් කියවෙන්නෙ මට උදව් කරන්න , අපිට උදව්කරන්න කියල.
තවදුරටත් මේ සිද්ධිය බලන් ඉන්න බැරි තැන මේ දෙන්න එකතුවෙල ගුප්ත පරීක්ෂකයෙක් අරගෙන එනව මේ හොල්මන් සීන් එක පරික්ෂා කරන්න .එයා මේ ගැන පරික්ෂා කරල තීරණය කරනව  නිවාස සංකීර්ණය යට,කාලෙකට කලින් මිහිදන් කරපු ඇනබෙල් කියන ගෑණු ලමයගෙ ආත්මය මේ බෝනික්ක සමඟ බැඳිල තියෙනව කියල..මේ අහිංසක ළමා ආත්මය ගැන අනුකම්පා කරන ඩෝනයි එයාගෙ යාලුවයි මේ බෝනික්ක තවදුරටත් තියාගන්න තීරණය කරනව.
      මේ සියලුම සිදුවීම් උඩුයටිකුරු වෙන්නෙ , මේ දෙන්නගෙ යාලුවෙක් වෙන'' ලූ ''කියන හාදය මේ නිවාස සංකීරණයට යන එන එක පටන්ගැනීමත් සමඟ.මේ එන ලූ කියන හාදයත් මේ එපාට්මන්ට් එකේ නවතින අදහසත් එක්ක තමා එන්නෙ...  මෙයාට නම් මේ බෝනික්කව අල්ලන්නෑ..  මෙයා යාලුවො දෙන්නට කියනව මේ විකාර බෝනික්කව වීසි කරල දාන්න කියල. ඒත් ඩෝනයි එයාගෙ මිතුරියයි මේකට කැමති වෙන්නෙ නෑ.  බෝනික්ක කාමරේ තිබුන විදිහටම තියනව.. ඒ සමඟම මේ නිවාස සංකීර්ණයේ ම නතර වෙච්ච " ලූ"  නිතරම හීනෙන් බෝනික්කව දැකල බයවෙන්න පටන්ගන්නව . හැමදාම රෑට බෝනික්ක ඇවිත් ලූගෙ බෙල්ල මිරිකනව වගේම ඔහුට පිටවී යන ලෙස බලපෑම් කරනව.

      එක දවසක් මේ බෝනික්කගෙ අත් දෙකෙනුයි පිට පැත්තෙනුයි රතු පාට දියරමය දෙයක් වෑස්සිල  ති‍ෙයනව කට්ටියට  දකින්න ලැබෙනව.. ඒ සමඟම කට්ටිය මේ බෝනික්ක පිළිබඳව දැඩි අවධානයකින් ඉන්න පටන්ගන්නව ,දවසක් ලූ සාලෙ පොඩි නැප් එකක් දාගෙන ඉන්න කොට බෝනික්ක ඉන්න කාමරෙන් අමුතු ශබ්දයක් ඇහෙනව. ලූ වහාම යනව ඒක බලන්න . එයා ආපහු එන්නෙ මරහඩ දීගෙන දුවගෙන.... ඒ වෙනකොටත් ලූ ගෙ කමිසය ලෙයින් තෙත් වෙල, පපු ප්‍රදේශයේ විශාල නියපොතු පහරවල් තියෙනව. ලූට වෙච්ච දෙයක් හිතාගන්නවත් බෑ. එයාට අන්තිමට මතක බෝනික්ක එයා ලඟට ආව කියල විතරයි .
   
මේ දරුණු සිදුවීමත් සමඟ තමයි මේ සිද්ධියට ප්‍රසිද්ධ  ගුප්ත විද්‍යා පර්යේෂකයන් වන එඩ් ,ලොරේන් යුවල සම්බන්ධ වෙන්නෙ. මේ දෙදෙනා මෙම බෝනික්කා තමන්ගෙ බාරයට අරගෙන පරීක්ෂණ පවත්වනව. එහිදී ඔවුන් අනාවරණය කරගන්නව මේ කුඩා බෝනික්කා තුළ පවතින ආත්මය ඇනබෙල් නැමැති දැරියගේ නොවන බව. මෙම බෝනික්කා තුළ අතිශය දරුණු යක්ෂ ආත්මයක් පවතින බවත්, ඇනබෙල් යනු ඒ ආත්මය විසින් බිලිගත් එක් ළමයෙකුගේ ආත්මය පමණක් බවත් ඔවුන් සොයාගන්නව. ක්‍රමක්‍රමයෙන් පුද්ගලයෙකු තමන් යටතට ගැනීමට මෙම යක්ෂයාට හැකියාව ඇති බව දැනගන්න ලෝරේන් යුවල මෙම යක්ෂ බෝනික්කා තමන්ගෙ ගුප්ත විද්‍යා කෞතුකාගාරය තුළ තැම්පත් කරනව ..එදා සිට මේ දක්වාම බෝනික්කා හට දවසට දෙවරක් ශුද්ධ වූ ඡලය ඉසිනු ලබනව.ඒ බෝනික්කා සතුව පවතින යක්ෂ බලය දුර්වල කිරීමට,, මෙම බෝනික්කා කෞතුකාගාරයෙහි පවතින වීදුරු පෙට්ටියක් තුළ තැම්පත් කර ඇති අතර ඇල්ලීම සපුරා තහනම් ලෙස සඳහන් දැන්වීමක් එහි පළකරල තියෙනව. මන්ද බෝනික්කා ඇල්ලුවහොත් එහි ගුප්ත ශක්තිය අල්ලන පුද්ගලයාගේ ශරීරයට එකතු වන නිසා ,එමගින් අල්ලන්නු ලබන  පුද්ගලයට විශාල නපුරක් විය හැකි බව විශ්වාස කරනව...(අල්ලන්න ගිහින් එහෙම වෙච්ච පාදිලිවරු ඉඳල තියෙනව)

මේ අතර බොහෝ දෙනෙකුට ඇතිවුන  ගැටලුවක් තමයි මොකද  මේ යක්ෂ බෝනික්කා විනාශ නොකරන්නේ කියන එක.
  එඩ් , ලෝරේන් යුවල එයට දෙන පිළිතුර තමයි මෙම බෝනික්කා විනාශ කිරීමෙන් යක්ෂයා විනාශ නොවන බව. එය පවතින තැන දැනගතහොත් අපට එය පාලනය කරගන්න පුළුවන් බවත් බෝනික්කා විනාශ කලහොත් එය නිදහස් විය හැකි බවත් තමයි ඔවුන් ප්‍රකාශ කරන්නෙ.
           (තොරතුරු අන්තර්ඡාලය ඇසුරෙනි)

Sunday, October 23, 2016

සත්ව ලෝකයේ විස්මිත කරුණු .....


1.මෙලොව වසන නීරෝගීම ඡීවියා වන්නේ මෝරායි.මෝරා කිසිඳු ලෙඩකින් පීඩා නොවිදියි.

2.චීටාවුන්ට ගෙරවුම් ශබ්දයන් පිටකල නොහැකි අතර පූසන් මෙන් "පුරු පුරු" හඩ නගති.

3.ලොව බුද්ධිමත් අතින් හතරවැනි ස්ථානයේ සිටින්නේ ඌරායි.

4.බුද්ධිමත් බව අතින් චිම්පන්සින් වදුරන්ට වඩා බොහෝ ඉහළින් සිටී.  ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ, චිම්පන්සින් හට කණ්ණාඩියකින් බලා තමාව හදුනාගත හැකි අතර වදුරාට එසේ කළ නොහැකිය .

5.කටුස්සාට අවශ්‍ය අතකට හැරවිය හැකි විශාල ඇස් දෙකක් ඇති අතර එමගින් එකවර දිශාවන් දෙකක් දැකීමේ හැකියාව පවතී.

6.කම්මැලිකාර සතෙකු වන ගොලුබෙල්ලන් හට එක දිගට අවුරුදු තුනක් නිදාගත හැක.

7. බත්කූරෙකුගේ ඇසේ කාච 30000 ක් පිහිටා ඇත.

8.ඩොල්ෆින් මත්ස්‍යයකු හට පැයට කිලෝමීටර 60ක වේගයෙන් පිහිනිය හැක.

9.පැස්බරෙකු හට පැයට කිලෝමීටර 70ක වේගයෙන් දිවයා හැක.

10.කිඹුලාගේ දිව මුඛයේ උඩු තල්ල හා සම්බන්ධ අතර ආහාර සැපීමේ හැකියාවක් නොමැත .නමුත් කිඹුලාගේ ඡීරණ යුෂ ඉතා බලවත් අතර එමගින් ගිලින ඕනෑම දෙයක් ( යකඩ ඇණ වීදුරු වුවත්) ඡීරණය කල හැක.

මුහුදු කොල්ලකරුවෝ


මේ පාර ලියන්න කල්පනා කලේ ලොකු පොඩි භේදයකින් තොරව හැමෝම දන්න කට්ටියක් ගැන.. ඒ තමයි මුහුදු කොල්ලකරුවො ගැන..
 
ලෝකයේ මුහුදු ගමන් ආරම්භ වෙච්ච කාලෙ ඉඳලම මුහුදු කොල්ලකරුවො ඉඳල තියෙනව. මුහුදෙන් ගමන් කරන වස්තුව පිරුණු නෞකා යටත්කරගෙන එවායේ තියෙන වස්තුව කොල්ල කන එක තමයි මොවුන් කලේ.. පහරදෙන නෞකා විනාශ කරල නාවිකයනුත් මරාදමල  සොරකමේ සාක්ෂි මකා දමන්නටත් ඔවුන් පසුබට වුනේ නෑ.මුහුදු කොල්ලකරුවන්ගෙ යාත්‍රා ඉතාමත් ශක්තිමත් සහ වේගවත් ඒව වුණු නිසා  කොල්ලකාල පැනල යන මේ කට්ටියව අල්ලන එක කරන්න බැරි වැඩක් නෙවෙයි, කරන්න අමාරු වැඩක් වුන.

 පළමු මුහුදු කොල්ලකරුවන්ගෙ ආරම්භය සිද්ධ වුනේ මධ්‍යධරණීය සාගරයේදීයි. ඒ මීට වසර 2500 කට වඩා අතීතයේදි. එකළ රෝම සහ ග්‍රීක ධනවතුන්ගේ නෞකා වලට පහරදීල වස්තුව කොල්ලකෑම මොවුන් විසින් සිදුකලා. 16 වන සියවස වෙනකොට ක්‍රිස්තියානි සහ මුස්ලිම් කොල්ල කරුවන් අතර මධ්‍යධරණීය මුහුදු සීමාව වෙනුවෙන් නිරන්තරයෙන් ගැටුම් ඇතිවෙලා තියෙනව.

අද වෙනකොට අපිට අමතක කරන්න බැරි මුහුදු කොල්ලකරුවෙක් ඉන්නව නම් ඒ තමයි බ්ලැක් පර්ල් නැවෙන් ගිහින් පිස්සු කෙළින ඡැක් ස්පැරෝ . නමුත් මොහු සත්‍ය වශයෙන් ඡීවත් වුනු කෙනෙක්  නෙවෙයි. මොහු වෝල්ට් ඩිස්නි සමාගමේ චරිතයක් ..නමුත් පයිරට්ස් ඔෆ් කැරබියන් කතාමාලාවෙ ඉන්න "බ්ලැක් බර්ඩ් " නම් සත්‍ය චරිතයක් .  කතාවෙ තරම් බිහිසුණු නොවුනත්  1718 දි එල්ලා මරා දමන තුරුම මොහු මහමුහුදේ විශාල පෙරලියක් කළ කොල්ලකාර නායකයෙක්.


 මුහුදු කොල්ලකරුවො ගැන කියනකොට තවත් අමතක කරන්න බැරි දෙයක් තමයි "" ඡොලි රොඡර්""  දැන් කට්ටිය කල්පනා කරනව ඇති මේ මොකාද කියල,, මේ තමයි මුහුදු කොල්ලකරුවන්ගෙ සලකුණ .හිස් කබලක් සහ අස්ථි දෙකක් සහිත මෙම ඡොලි රොඡර් සංකේතයෙන් මරණය සංකේතවත් කරනව.මෙය ‍ කොල්ලකරුවන්ගෙ  නෞකා වල කුබගසෙහි ඉහළින් සවි කරල තියෙනව.මේ සලකුණ මුලින්ම භාවිතා කලේ ඡැක් රැකම් නැමැති කොල්ලකාර නායකය විසින් .



මුහුදු කොල්ලකරුවන්ගෙ ප්‍රධානම දඩබිම විදිහට කැරබියන් මුහුදු කලාපය සහ ඉන්දියන් සාගරය හදුන්වන්න පුළුවන් .කොල්ලකරුවන් නැව් වලට පහරදීල රන් රිදී වලට වඩා බලපොරොත්තු වුනේ කෑම බීමයි.මොකද ඔවුන්  මුහුදට වෙලා නිතරම බඩගින්නෙයි හිටියෙ. කොල්ලකරුවන් වීම නිසි ආහාර සොයාගෙන ගොඩබිමට යාමට ඔවුන්ට හැකියාවක් තිබුනෙ නෑ. මන්ද කොල්ලකරුවන්ව දුටු තැන මරාදමන්නයි නීති සකස්වෙලා තිබුනෙ.

     1500-1700 වැනි කාලයේදී බ්‍රිතාන්‍ය වැනි රටවල් විසින් මුහුදු කොල්ලකරුවන් ලියාපදිංචි කිරීමක් සිදුකලා.. මෙම ලියාපදිංචි වූ කොල්ලකරුවන් ,, තම රටේ මුහුදු යාත්‍රා ආරක්ෂා කිරීමටත් වෙනත් මුහුදු කොල්ලකරුවන් විනාශ කිරීමටත් බැඳී සිටිය .මොවුන්ව හැදින්වුනේ ප්‍රයිටෙටියර් ලෙසයි. ඉංග්‍රීසි ඡාතික අද්මිරාල් ශ්‍රිමත් ෆ්‍රැන්සිස් ඩේක් එවැන්නෙක්. ඔහු මෙවැනි කටයුතු නිසා ඡාතික වීරවරයෙක් වුනා..

  අතීතයේ පමණක් නෙවෙයි අද වන විටත් මුහුදු කොල්ලකරුවන් ක්‍රියාත්මක වෙනව.එ් තමයි සොමාලියානු මුහුදු කොල්ලකරුවො.මොවුන් සිටින්නෙ අප්‍රිකාවට ආසන්න ඉන්දීය මුහුදු  සීමාවෙ . නවීන අවි ආයුධ රැගෙන කුඩා බොට්ටු වලින් පැමිණෙන මොවුන් අද වන විට බොහෝ රටවල් වල නෟකා ගමනාගමනයට තර්ජනයක් ..

තොරතුරු - පුවත්පත් සහ අන්තර්ඡාලය ඇසුරිනි

Wednesday, October 19, 2016

බිග් බෙන්

          ඔන්න මම මගේ පළවෙනි පෝස්ට් එක විදිහට මුලු ලොකයම දන්න දෙයක් ගැන තමයි දාන්න හිතුවෙ , ඒ තමයි බිග් බෙන් ඔරලෝසුව.ලෝකයේ විශාලතම හෝරා ස්තම්භය තමයි මේ බිග් බෙන් කියන්නෙ. එක්සත් රාඡධානියෙ පිහිටල තියෙන මේ ඔරලෝසුව එම රටේ තිබෙන සියලුම ඡාතික මට්ටමේ උත්සව රටට දැනුම්දීමට යොදා ගන්නව .අද වන විට එළිසබෙත් කුලුණ යන ගෞරවනීය නාමයෙන් හදුන්වන මෙම ඔරලෝසුවට උපන්දින තුනක්ම තියෙනව.  1855 තමයි මේකෙ  වැඩ  100% සම්පූර්ණයෙන් අවසන් වුනෙ.1859 මැයි 31 දින තමයි පළමු වරට මෙහි ඔරලෝසුව ක්‍රියාත්මක උනෙ.1859 ඡූලි 11  දින තමයි ලන්ඩන් නගර වැසියන්ට මෙහි නාදය ඇසුනෙ.
   
මේ විශාල හෝරා ස්තම්භය හරියටම පිහිටල ති‍ෙයන්නෙ එක්සත් රාඡධානියෙ වෙස්ට්මිනිස්ටර් හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙ ඊසාන කොටසෙයි.මේ ගොඩනැගිල්ල නිර්මාණය කරපු කෙනා තමයි චාල්ස් බැරී. මේ ගොඩනැගිල්ලෙ ප්‍රධාන වාස්තු නිර්මාණ ශිල්පිය ඔහු උනත් මේ කතාවෙ නොකියම බැරි තවත් පුද්ලයෙක් ඉන්නව .. ඒ තමයි ඔගස්ටස් පියුඡින්. මොහු තමයි මෙම ඔරලෝසු කණුව ගොඩනැගීමේ සහයක වාස්තු ශිල්පිය උනේ.. ඔහු තමයි මේ සඳහා දිවා රෑ නොබලා වෙහෙසුණු පුද්ගලය. (දන්නවනෙ ඉතින් ලොක්කන්ට වැඩිය කොහොමත් පොඩ්ඩොනෙ මහන්සි වෙන්නෙ). මේ පියුඡින් ගෙ අවසාන නිර්මාණය බවට පත් උනෙත් මේ බිග් බෙන් කුලුණ තමයි. පමණට වඩා වෙහෙසෙමින් මේ කුලුණෙ වැඩකටයුතු කරපු පියුඡින් අවසානයෙදි  ඒ ගැනම හිතල උමතු රෝගියෙක් වෙලා මරණයට පත් වෙනව.ඔහු උමතු වීමට පෙර තම දිනපොතේ ඔරලෝසුව පිළිබඳව මෙසේ සඳහන් කරල තියෙනව. """මම ඡීවිතේ කවදාවත් මෙතරම් වෙහෙසී නිර්මාණයක් සැලසුම් කලේ නෑ, බැරී මහත්තයගෙ ඔරලෝසු කුලුණෙ වැඩ අවසන් කලා, එය සැබැවින්ම ලස්සනයි ""

මේ ඔරලොසුවේ තොරතුරු ගැන කියනව නම් , පහළ සිට මීටර් 55 ක් ඉහළින් මෙහි මුහුණත් හතර පිහිටල තියෙනව.. මේ ඔරලෝසු මුහුණත් වල විශාලත්වය නිසාම මෙය ලොව විශාලම සිවු මුහුණත් ඔරලෝසුව කියලත් හදුන්වනව.මෙහි මුහුණත නිර්මාණය කරල තියෙන්නෙ ඔගස්ටස් නැමැති පුද්ගලයෙක් විසින් , මෙහි පැය කටුව අඩි 9ක් , , මිනිත්තු කටුව අඩි 14ක් වගේම රෝම ඉලක්කමක විශාලත්වය අඩි දෙකක් වෙනව.මෙම කුලුණෙ උස මීටර 96.3 ක්.මෙහි පවතින අඩි 13ක් දිගැති බට්ටා චලනය වීමටත්, එහි සමතුලිත බව රැකීමටත් කුඩා තඹ කාසි තුනක් යොදාගෙන තියෙනව.මෙහි මුහුණත ඈතට දිස්වීම සඳහා මැණික් 312ක් ඔබ්බවා ඇති අතර මුදුනේ ඇති තඹ තහඩු වලට හිරු එළිය වැටීමෙන් දර්ශනය සැතපුම් 4ක් දුරට දිවෙනවා.
මෙම ඔරලෝසුව පිහිටීම අනුව වයඹ දිශාවට මිලි මීටර 220 ක් ඇළ වී ඇති බවක් සඳහන් වෙනව.මෙම යෝධ ඔරලෝසුවේ හඬ කිලෝමීටර හයක් පමණ ඇසෙන බව සඳහන් වෙනව. ඊට අමතරව මෙම ඔරලෝසු මුහුණතේ මයික්‍රොෆෝන දෙකක් සවිකර ඇති අතර එයින් මෙහි නාදය ලොව සෑම රටකටම විසුරුවා හරිනව.ඒ වගේම වැදගත් උත්සව අවස්ථාවල මෙහි නාදය ගුවන්විදුලියට සම්බන්ධ කරල රටට උත්සවය පිළිබඳව දැනුම් දෙනු ලබනව.
මෙම ඔරලෝසුවෙ නම හැදිච්ච හැටිත් හරිම පුදුමයි ..එකල ලන්ඩන් නුවර ගොඩනැගිලි අධ්‍යක්ෂක උනෙ   ිිිශ්‍රිමත් බෙන්ඡමින් හෝල් නැමැති පුද්ගලයයි. මෙම ඔරලෝසු කුලුණෙ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කලෙත් ඔහු විසින්ම තමයි. මොහු ටිකක් ප්‍රමාණයෙන් උස මහත පුද්ගලයෙක් වුනු නිසා ඔහුව හැඳින්වුනෙ "" big ben "" යන සුරතල් නාමයෙන්. පසුව ඔහු අධීක්ෂණය කළ  මෙම ඔරලොසු කුලුණ සඳහාත්  මෙම නාමය භාවිතා කිරීම ආරම්භ වුනු බව තමයි පැවසෙන්නෙ.

Tuesday, October 18, 2016

අාරම්භය...........

           මොනව ලියන්නද මන්ද , ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්ත එහෙනම්, www.wasithaya.blogspot.com/?m=1 එයා තමයි මට මේ වැඩ කරන හැටි ගැන කියල දුන්නෙ..  ඔයාට ගොඩක් ස්තූතියි මිතිල .
මේ බ්ලොග් එක හදාගන්න මට සම්පූර්ණයෙන්ම උදව් කලේ වාසිතය කරන මිතිල මල්ලි.
දැන් කෙලින්ම කාරණාවට බහිමු. මම එක මාතෘකාවක හිරවෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි.. මම මට හොඳයි කියල හිතෙන හැම එකම මේකට දාන්න තමයි හිතන් ඉන්නෙ..
මට එක දිගට පෝස්ට් ගොඩක් දාන්න නම්  බැරි වෙයි. සතියට අනිවා දෙකක් දාන්න ට්‍රයි කරනව.. මේක දැකපු හැමෝටම ඉස්සරහටත් මගෙ බ්ලොග් කට්ටත් එක්කම ඉන්න කියල මම ආරාධනා කරනව.

එහෙනම් සුභ දවසක්....tharidu

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...